ජර්මනිය ගැන කරුණු කීපයක්


ජර්මනිය ගැන කරුණු කීපයක්

          ජර්මනිය කිවුවහම ඔබට මුලින්ම මතකයට එන්නෙ මොකක්ද ? ඉතිහාසය ගැන උනන්දු අයට නම් නාසි ජර්මනිය සහ හිට්ලර් ගැන මතක් වෙනවා ඇති. වාහන ගැන උනන්දු කෙනෙක් නම් බෙන්ස්, BMW, වොක්ස් වැගන් වගේ සුපිරි ජර්මන් වාහන සමාගම් ගැන මතක් වෙනවත් ඇති. මීට අමතරව adidas, PUMA වගේ ජර්මන් ක්‍රීඩා උපකරණ සමාගම් රටකින් රටකට භාණ්ඩ යවන්න හොඳම ක්‍රමය වන DHL සේවාව ගැනත් ඔබට මතක් වෙනවා වෙන්නට පුළුවන්. ඒ කිසිවක් නැතත් ලෝකප්‍රකට විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගෙත්, මාක්ස්වාදයේ පියා කාල් මාක්ස්ගෙත් මව් රට වෙනවා. කෙසේ වුවත් ජර්මනිය කියන්නේ ලෝකයේ හැම අංශයකටම වගේ සුවිශාල දායකත්වයක් දක්වපු රටක්. ඒ විතරක් නෙමෙයි. යුරෝපයේ විශාලතම රට විදිහට එය අතීතයේ ඉදලම ලෝක දේශපාලනය, සමාජීය දර්ශනය, කලාව සහ සංස්කෘතිය ඇතුළු සෑම අංශයකටම තම අණසක පතුරවා තිබෙනවා. පහතින් අප සඳහන් කරන්නේ එම ජර්මනිය ගැන ඔබ නොදත් කරුණු කීපයක්.


01. ලොව වෙනස් කළ වැදගත් සොයා ගැනීම් රාශියක තිඹිරිගෙය.

            ලෝකයේ ඉදිරිගමනට අතිශයින්ම වැදගත් වන බොහෝ දේවල් මුල්ම වරට සොයා ගැණුනේ ජර්මන් ජාතිකයින් විසින්. විශේෂයෙන්ම ගත්තොත් මුද්‍රණ යන්ත්‍රය, මෝටර් බයිසිකලය, මෝටර් රථය, හෙලිකොප්ටරය, ඩීසල් එන්ජිම විතරක් නෙමෙයි ජෙට් එන්ජිමත් දුරකථනය, ශීතකරණය, ටේප් රෙකෝඩරය වගේම එක්ස් කිරණ යන්ත්‍රය කියන මේ සේරම ජර්මානු සොයාගැනීම්. මීට අමතරව ඇස්ප්‍රීන් වේදනා නාශකයත්, උණු වතුර බෝතලයත්, අක්ෂි සිවිකාච හා ඩෙනිම් කලිසමත් ජර්මන් නිෂ්පාදනයක්. රොකට් තාක්ෂණය සහ න්‍යෂ්ටික විකණ්ඩනයේ මූලාරම්භය සිදුවුණෙත් ජර්මනිය තුළමයි.

02. හිරෙන් පැනලා යන්න උත්සාහ කරාට දඬුවම් කරන්නේ නෑ.

  බොහෝ රටවල් වල සිරෙන් පැනයාම හෝ එයට උත්සාහ දැරීම තවත් අමතර කාලයක් දඬුවම් ලැබීමට හේතුවක්. නමුත් ජර්මනිය තුළ නම් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. සිරෙන් පැනයන කෙනෙකුට හෝ එයට උත්සාහ කරන කෙනෙකුට ජර්මනියේදී අමතර වරදක් පැටවෙන්නේ නෑ. නැවත අල්ලාගනු ලැබුවත් මුල් සිරදඬුවමෙන් ඉතිරි කාලය පමණයි ලැබෙන්නේ. නිදහස සොයා එවැනි වැඩ කිරීම සාමාන්‍ය මිනිස් ආශාවක් ලෙසයි ඔවුන් හඳුන්වන්නේ.

03. ලොව සුපතල සුපිරි කාර් රැසක මහගෙදර.

            ඇත්තටම ජර්මනිය කියන්නේ සුඛෝපභෝගී කාර්, ස්පෝට්ස් කාර් හා වෙනත් ගුණාත්මක භාවයෙන් ඉහළ, ශක්තිමත්, කල් පවතින වාහන නිෂ්පාදනය කරන රටක්. සැබවින්ම ගතහොත් ජර්මානු ආර්ථිකයටත් මේ කර්මාන්තය මගින් විශාල අගයක් එකතු කරනවා. ලොව සුපතල මෝටර් රථ සන්නාම නාම වන වොක්ස් වැගන්, BMW, මර්සිඩීස් බෙන්ස් ඇතුළු සුපිරි මෝටර් රථ සමාගම් 20ට වඩා ජර්මනිය සතුව තමයි පවතින්නේ. ඒ නිසාම ජර්මනිය තුළ ටැක්සි සේවා සඳහා භාවිතා කෙරෙන්නේ මර්සිඩීස් බෙන්ස් රථයි.

04. රාජමාළිඟා 2100 ක්.

            ජර්මනිය තුළ සිටි ප්‍රාදේශීය පාලකයන් පවා රජවරුන් විදියට තමයි සලකන්නේ. ඔවුන් ඒ නිසා තමන් පාලනය කරන ප්‍රදේශය තුළ රජවාසලක් ඉදිකර ගැනීම පුරුද්දක් කරගෙන තිබුණා. මේ නිසා අද වෙද්දී ජර්මනිය තුළ පැරණි රජ මාළිඟා 2100 කට වැඩි ප්‍රමාණයක් දැකගන්න ලැබෙනවා. ඒවායේ නඩත්තු කටයුතු වෙනුවෙන් ජර්මන් රජය විශේෂ අරමුදලක් පවා පිහිටුවා තිබෙනවා.





 05. පාපන්දු ක්‍රීඩාවට උපන් හපන්නු.

            ජර්මනිය අතීතයේ සිටම පාපනන්දු ක්‍රීඩාව අතින් ලොව ඉහළම සිටි කණ්ඩායමක්. සීතල යුද්ධ සමයේ ඔවුන්ගේ රටෙන් නැගෙනහිර හා බටහිර ජර්මනිය විදිහට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වුණා. ඔවුන් එක්ව තරඟ වැදුණු මුල්ම වාරයේම 1990 වසරේදී ලෝක කුසලානය ලබා ගැනීමට සමත් වීමම විශේෂ කාරණයක්. ජර්මනිය සමස්ථයක් ලෙස පාපන්දු ලෝක කුසලානය සිව් වරක් ජයගෙන තිබෙනවා.ලෝකයේ වැඩිම පාපන්දු ක්‍රීඩා සමාජ ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේත් ජර්මනිය තුළමයි.

06. හොදට බියර් බොන්න පුළුවන්.

            බියර් බීම අතින් ජර්මනිය දෙවෙනි වන්නේ අයර්ලන්තයට පමණයි. ලොව විශාලතම බියර් බොන සැණකෙළිය ලෙස බවාරිය ප්‍රදේශයේ මියුනිච්හි පැවැත්වෙන ඔක්ටෝබර් ෆෙස්ට් අවිවාදයෙන්ම පිළිගැණෙනවා. එහි පිරිනමන බියර් වීදුරුවක පරිමාව ලීටරයක් විතර වෙනවා. එක දිගට එවැනි වීදුරු කීපයක් හිස් කරන අය ඔක්ටෝබර් ෆෙස්ට් එකේ ඇතිතරම් දැකගන්න පුළුවන්. ඒ වගේම තමයි වයස අවුරුදු 17 ඉදන් බියර් සහ සමහර මත්පැන් වර්ග පානය කරන්න නීතිමය නිදහසකුත් ජර්මනිය තුළ ලැබෙනවා.

07. ඉරිදා කියන්නේ නිදිම තමයි.

            ඉරිදා දින හොඳින් විවේක ගන්න එක ජර්මනිය පුරාවටම පැතිරුණු පුරුද්දක්. බොහෝ ජර්මන් ජාතිකයන් එදාට කරන්නේ දවස පුරාම නිදාගෙන හෝ ඇදට වෙලා ඉන්න එකයි. ඉරිදට පල්ලියට යාම හැර වෙනත් ගමන් බිමන් යාමෙනුත් ඔවුන් වැලකී සිටිනවා. මේ නිසා ජර්මනියේ ඉරිදාට අත්‍යවශ්‍යය සේවා හැර වෙනත් කිසිම ව්‍යාපාරයක් හෝ සේවාවක් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම ඉරිදා දවසේ ආගමික ප්‍රචාර හැර ශබ්ද නැගෙන වෙනත් කිසිදු කටයුත්තක් සිදු කිරීමත් නීතියෙන් දඬුවම් ලැබෙන වැරැද්දක්.

08. චූන්පාන් මියුසික් එකේ නිර්මාතෘ ඇතුළු සංගීතඥයන් රැසක්.

            අපේ රටේ අතිශයින් ජනප්‍රිය චූන්පාන් සද්දේ ඇත්තටම ගත්තොත් බීතෝවන්ගේ ෆ එළිස් කියන සිම්පනි එකේ කොටසක්. අපිට මේක නිතරම අහලා එපා වෙලා තිබ්බත් අතීතයේ ඒක අහන්න පවා වරම් තිබුණේ ඉතාම ඉහළ පැලැන්තියේ රදළයන්ට පමණයි. එය නිර්මාණය කළ බීතෝවන් ඇතුළු තවත් බටහිර ක්ලැසිකල් සංගීතයේ විශිෂ්ටයන් රැසක්ම ජර්මානු ජාතිකයන්. ඔවුන් අතරින් ශූ මාන්, හැන්ඩෙල් වැනි සංගීතඥයන් රැසක් වැදගත් තැනක් ගන්නවා.




09. විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ.

            අද වෙද්දී ජර්මනිය පුරාම රජයේ විශ්ව විද්‍යාල වලට ගාස්තු අය කිරීම නවතා තිබෙනවා. ඒ නිසා අපේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් වගේම අධ්‍යාපනය ලබාගන්නත් ජර්මනිය තුළ පුළුවන්. මෑත කාලයේ සිටම මෙය ජර්මන් නොවන සිසුන් සඳහාත් පුළුල් කරයි තිබෙන්නේ. ඒ නිසා ඔබටත් දැන් ජර්මන් රාජ්‍ය විශ්ව විද්‍යාල බොහොමයකින් මුදල් නොගෙවා අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. විවිධ අංශ රාශියකින් අධ්‍යාපන ගාස්තු නැතිව උපාධි පිරිනැමීම දැනටම ආරම්භ වෙලා තිබෙනවා.

10. සොසේජස් වර්ග දහසකටත් වඩා.

    ජර්මනියේ සොසේජස් වර්ග 1000කට වඩා තියෙනවා කියලා කිවුවොත් ඔබ ඒක විශ්වාස කරනවාද ? පුදුම හිතුනත් ඒක තමයි ඇත්ත. අපේ රටේ පරිප්පු වගේ ජර්මනියේ සොසේජස් වලට ඉතාමත් හොඳ තැනක් ලැබිලා තිබෙනවා. සොසේජස් ජර්මන් ආහාර වේලේ මොනතරම් වැදගත් අංගයක්ද කියලා කිවුවොත් ලෝකයේ විශාලතම වාහන කර්මාන්තශාලාව වන වුල්ෆ්බර්ග්හි වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව එහි සේවය කරන 18000ක පිරිස සඳහා ආහාර වලට සොසේජස් සපයන්න එය අභ්‍යන්තරයේම විශාල සොසේජස් කර්මාන්තශාලාවක් පවා ඉදිකරලයි තිබෙන්නේ.








Post a Comment

0 Comments