ඉර සහ තාපය


තාපය සහ අපි


තාපය අපි හැමදෙනාටම අවශ්‍ය දෙයකි. තාපය නැතිව අපට එදිනෙදා වැඩ කටයුතු කිරීම අපහසුය. එහෙත් තාපය අපට අහිතකර ලෙස බලපාන අවස්ථාද බොහෝ ඇත. මෙහි සඳහන් වන්නේ අප රටට මේ තාපය බලපාන අකාරය පිළිබඳ සුලු විමසීමකි.






රස්නය වැඩි ඇයි

            පවතින රස්නය එක්වරම ඇති වූ දෙයක් නොවෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ ඇතිවෙමින් පවතින තත්ත්වයක්.එය දැන් වැඩි වී ඇත.ඉදිරියට තවත් වැඩි වනුද ඇත.
           
ගෝලීය උෂ්ණත්වය වැඩි වීමට ප්‍රධාන හේතු වී ඇත්තේ වන විනාශය, වායු අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදා හැරීම, සැලසුමකින් තොරව ගොඩනැගිලි ඉදි කිරීම හා පොලිතීන්, ප්ලාස්ටික් පිලිස්සීම යනාදියත්ය.
           
තවද මීට අමතරව දිවයින ආශ්‍රිත මුහුදත් උණුසුම් වී ඇත. පසුගිය මාස දෙක තුළ ඉන්දියන් සාගරයේ පැවතිය යුතු සාමාන්‍ය උෂ්ණත්වය වැඩි වී ඇත.මෙයත් රස්නයට හේතුවක් විය හැකිය. 




ඉර මුදුන් වීම
            සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් වෙද්දී ශ්‍රී ලංකාවට ඉර මුදුන් වෙයි. ඉර මුදුන් වීම සිදු වන්නේ දකුණු අර්ධ ගෝලයේ සිට උතුරු අර්ධ ගෝලයට සූර්යයා ගමන් කිරීම සිදුවන කාලයේදී යි. ලංකාවට ඉහළින් ඉර මුදුන් වෙන්නේ අප්‍රේල් 05 සිට 14 දක්වා කාලය තුළයි.
            ලංකාවට නිරිත දිග මෝසම ආරම්භ වන්නේ මැයි මාසයේ අග භාගයේදී යි. මේ අතර කාලය හඳුන්වන්නේ අන්තර් මෝසම් කාලය යනුවෙනුයි. මාර්තු, අප්‍රේල් හා මැයි මුල් සති කීපය අන්තර් මෝසම් කාලයට අයත් වෙයි.
            මේ කාලයේදී දිවයින වටා විශේෂ සුලං රටාවක් දක්නට නොලැබෙයි. සුළඟ ඉතාම අඩුය. මෙය අපේ දහඩිය වාෂ්ප වී යාමට බාධාවකි. අප සිරුරට උෂ්ණත්වය වැඩියෙන් දැනෙන්නේ ඒ නිසාවෙනි. මේ තත්ත්වය මැයි මාසය අග දක්වාම පවතී.



කොළඹට වැඩි රස්නයක්
            කොළඹ නගරයේ වැඩියෙන් ඇත්තේ ගොඩනැගිලිය. මේ කොන්ක්‍රීට් ගොඩනැගිලි සූර්යයාගේ කෙටි තරංග අවශෝෂණය කර ගනී. මේ අවශෝෂණය කරගත් තරංග ඉන්පසු අධෝරක්ත කිරණ ලෙස පිටකරයි. මෙය හඳුන්වන්නේ නාගරික තාප දූපත යනුවෙනුයි. නාගරික ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යන්න මෙයත් එක් හේතුවකි. වාහන වලින් පිටවන දුමත් මෙයට බලපායි.








රස්නයේ අවධානම
          කුඩා ළමයින් වැඩිහිටියන් වගේම නිදන්ගත රෝගවලින් පෙළෙන අය අවධානම් අය ලෙස හැඳින්වේ.
            ඒවාගේම රස්නය නිසා ඇති වෙන සංකූලතා වලට ලක්වන අවධානම් කොටසක් වශයෙන් පාසල් දරුවන්ද හඳුනා ගෙන ඇත.
මේ සංකූලතා ඇති වීම වැළැක්වීමට ඔබට ගත හැකි ක්‍රියාමාර්ග

  • නිතර නිතර ජලය පානය කිරීම
  • සීනි අධික බීම පානය කිරීමෙන් වැළකීම
  • එළිමහනේ සිටින විට හිස වැසෙන සේ (පන් තොප්පි) හිස්වැසුම් පැළඳීම.
  • එළිමහනේ යන සෑම විටම කුඩයක් පාවිච්චි කිරීම.

හොඳින් වතුර බොන්න
පාසලට, අමතර පන්තිවලට යන හැම වෙලාවේම වතුර බෝතලයක් රැගෙන යන්න. සෑම විනාඩි 15-20 ට වරක් වතුර උගුරු 8-10 ක් පමණ පිපාසය තිබුණත් නැතත් පානය කළ යුතුය. සමහරු තිබහට පැණිබීම පානය කරයි.

            පැණිබීම පානය කිරීම අහිතකරය. පිටකරන මුත්‍රවල පැහැය තද පැහැයක් නම් ඉන් හැඟෙන්නේ පානය කරන වතුර ප්‍රමාණය මද බවය. අප බොන වතුර ප්‍රමාණය ප්‍රමාණවත් නම් පිට කරන මුත්‍ර ළා පැහැයක් ගනී.










රස්නය නිසා ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල හා ගතයුතු ක්‍රියාමාර්ග




දහඩිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත් වීම නිසා ඇති වෙන මස්පිඬු පෙරළීම

උෂ්ණත්වය වැඩි වූ විට ශරීරයෙන් දහඩිය වැඩියෙන් පිටවෙයි. මේ දහඩියත් සමඟ ශරීරයේ ඇති ලවණද පිටවෙයි. සාමාන්‍යයෙන් අපේ ශරීරයේ අභ්‍යයන්තර අවයවයන්ගේ ක්‍රියාකාරීත්වයට ලවණද අත්‍යවශ්‍යයි.
ඒ නිසා ශරීරයේ මේ ලවණ සමතුලිත මට්ටමකින් තිබිය යුතුය. එහෙත් දහඩියත් සමග මෙසේ අධික ලෙස ලවණ පිටවුවහොත් ශරීරයේ ලවණ අසමතුලිත මටිටමකට එයි. මේ අසමතුලිත තත්ත්වය නිසා අත් පා සහ උදරයේ මස්පිඬු වේදනාව හා පෙරළීම සිදුවෙයි.

ප්‍රථමාධාර

 


සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත් වී ආවරණය සහිත සිසිල් ස්ථානයක විවේක ගන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. මස්පිඬු පෙරළීම ඇති ස්ථානය මත සිහින් පීඩනයක් යොදන්න. මස්පිඬු පෙරලෙනවා නම් ලුණු නොදී වතුර පානය කරන්න දෙන්න. තව තවත් වැඩිවෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න.↓





අධික උෂ්ණත්වය නිසා ඇති වන ආතතිය



මෙම තත්ත්වය ඇති වන්නේ අධික උෂ්ණත්වය දරා ගත නොහැකි වූ විටයි. එවිට අධික ලෙස දහඩිය දමයි. ශරීරය අප්‍රාණික වෙයි, පිපාසය ඇති වෙයි, වතුර තිබහ ඇති වෙයි, ක්ලාන්තය ඇති වෙයි.


ප්‍රථමාධාර


සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත් වී ආවරණය සහිත සිසිල් ස්ථානයක විවේක ගැනීමට හා ඇඳුම් ලිහිල් කර මඳ පවනේ සිට්න්නට සලස්වන්න.
ක්ලාන්තය නොමැතිව හොඳින් සිහිය තිබේ නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. සිසිල් ජලයෙන් ශරීරය තෙතමාත්තු කරන්න.
ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇතිවන ආඝාත තත්ත්වය.
බොහෝ දෙනා අධික ලෙස මහන්සියක් දැනුණත්, පිපාසය ඇති වුණත් ඒ ගැන නොසිතා කය වෙහෙසා වැඩ කරති. එවිට දහඩිය දිගින් දිගටම පිට වී මෙය දරා ගත නොහැකි තත්ත්වයකට පත් වෙයි.
අධික ශරීර උෂ්ණත්වය නිසා නාඩි වේගය වැඩිවීම හා ශ්වසන වේගය වැඩිවීම, සිහිමද ගතිය, හිසරදය, වලිප්පු තත්ත්වය, සිහිසුන් වීම ආදී තත්ත්ව ඇතිවිය හැක.