ඉතාලිය ගැන ඔබ නොදත් කරුණු කිහිපයක්



ඉතාලිය ගැන ඔබ නොදත් කරුණු කිහිපයක්


1. යුරෝපයේ සක්‍රීය ගිණිකඳු තුනම ඉතාලියේ.

            ඉතාලිය අතීතයේ සිටම ටිකක් ප්‍රසිද්දයි. විසූවියස් ගිණිකන්ද පුපුරා යාම නිසා පොම්පෙයි නගරය වැළලී ගිය කතාව ඒකට ප්‍රධාන හේතුවක් උනා. මේ වනවිට යුරෝපයේ ඇති සක්‍රීය ගිණිකඳු 03ම තියෙන්නේ ඉතාලියේ. ඒ තමයි, අදටත් සක්‍රීය තත්ත්වයේ පවතින විසූවියස් ගිණිකන්ද, සුප්‍රකට එඩ්නා ගිණිකන්ද හා ස්‍රොම්බෝලි ගිණිකන්ද. මේ ගිණිකඳු පසුගිය වසර 100ක කාලය තුළ එක් වරක් හෝ පුපුරා ගොස් තියෙනවා.


2. රට ඇතුලේ ස්වාධීන රටවල් දෙකක්


            අපි ඉතාලිය තනි රටක් ලෙස සැලකුවාට එහි දේශසීමාව තුළ තවත් රටවල් දෙකක් තියෙනවා. ඒ තමයි වතිකානුව සහ සැන්මැරීනෝ රාජ්‍යය. මේ අතුරින් සැන්මැරීනෝ රාජ්‍යය සැලකෙන්නේ ලොව පැරණිම ජනරජය විදියට. ක්‍රි.පූ. 301 සිටම මෙය ජනරජයක් විදිහටයි පවතින්නේ. වතිකානුව නම් ලොව කුඩාම රාජ්‍යය ලෙසයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එහි මුළු වර්ග ප්‍රමාණය අක්කර 108ක් විතර වෙනවා.




3. ඉතාලියට නම ලැබුණු ඉටාලියා(Italia) පුරාවත


            ඉතාලියට ඒ නම ලැබෙන්න හේතුව ඉටාලියා(Italia) කියන වචනය. මේ වචනයෙන් වසු පැටවුන්ගේ රට යන්නයි අදහස් වන්නේ. අතීතයේ ඉදන්ම රටේ දකුණු දිග වාසය කරපු ගෝත්‍ර වල සංකේතයක් ලෙස ගවයා භාවිත වීමත්, වසු පැටවෙකු සෞභාග්‍යයේ සංකේතය ලෙස සැලකීමත් මේකට හේතු වූ බව තමයි කියවෙන්නේ. අද වෙද්දී ඉතාලියේ ජාතික අනන්‍යතාවය පෙන්නන්න මේ වචනය භාවිත වෙනවා.


4. ලොව සරාගීම පිරිමින් සිටින රටක්


            යුරෝපය, ඇමෙරිකාව, ආසියාව ඇතුළු බොහෝ රටවල කාන්තා සඟරා මඟින් පවත්වනු ලැබූ මත විමසීම් රැසකට අනුව ලොව සරාගීතම පුරුෂයන් ඉන්න රටවල් අතර ඉතාලිය නිතරම වගේ මුල්තැනයි තියෙන්නේ. ආදරය හා ශෘංගාරය ආශ්‍රිත වචනයක් වන රොමෑන්ටික් (රෝමාන්තික) යන වචනය පවා ඉතාලියේ අග නගරය වූ රෝමය ආශ්‍රයෙනුයි බිහිවෙන්නේ. ඉතාලි ජාතිකයන් ආදරය කරන්න, රෝමාන්තිකව හැසිරෙන්න සහජ හැකියාවක් ඇති ජාතියක්.









5. ආගමට, සංස්කෘතියට වැදගත් තැනක්


            ඉතාලි ජාතිකයන් සතු වැදගත් ලක්ෂණයක් වන්නේ ඔවුන් පවුල් සංස්ථාවට දක්වන බැඳීමයි. රටේ 85%ක්ම අදහන රෝමානු කතෝලික ආගමට දැඩි භක්තියකින් යුතු පිරිසක් විදියටත් ඔවුන් කැපී පෙනෙනවා. ඉතාලියානුවන් යුරෝපීය ජාතිකයන් අතරින් තම පවුලට සහ පරම්පරාවට ඉහළම තැන ලබා දෙන ජාතියක් ලෙස අතීතයේ ඉදන්ම ප්‍රසිද්ධයි.





6. ලොව විශාලම වයින් නිෂ්පාදකයා


            ලොව වැඩිම වයින් ප්‍රමාණයක් අපනයනය කරන රට ඉතාලියයි. ඉතාම සරුවට මිදි වැඩෙන කාලගුණයක් සහිත ඉතාලියේ අක්කර ලක්ෂ 17ට වැඩි ප්‍රමාණයක් මිදි වතු සඳහා වෙන්ව තිබෙනවා. ඒවායින් වාර්ෂිකව ඔවුන් විසින් ලීටර් බිලියන 5.4ට වැඩි ප්‍රමාණයක් නිපදවනවා. මුළු ලෝකයේම වයින් වෙළඳපොලෙන් 5/1ක් නිපදවෙන්නේ ඉතාලිය තුළමයි.




7. විලාසිතා අතින් ඉදිරියෙන්ම


            ලොව පුරා විලාසිතා හා රූපලාවන්‍යය අතිනුත් ඉතාලිය ඉදිරියෙන්මයි ඉන්නේ. ලෝකප්‍රසිද්ධ ඩීසල්, ප්‍රාඩා, වැලන්ටිනෝ, ෂැනෙල් වැනි විලාසිතා සන්නාම රැසකට ඔවුන් හිමිකම් කියනවා.







8. Sport car වල තිඹිරිගෙය


            වාහනයක් කියන්නේ තැනකින් තැනකට යාමට එහා ගිහින් ධාවනයෙන් වින්දනයක් ලබන්න පුළුවන් එකක් බව ලොවට කියල දුන්නේ ඉතාලි ජාතිකයන්. සුප්‍රසිද්ධ ෆෙරාරි ආයතනය වගේම, ඔවුන්ට සෘජු තරඟයක් ලබා දීමට ආරම්භ වුණු ලැම්බෝගිනි ආයතනයත් ඒ අතරින් ඉදිරියෙන්ම තිබෙනවා. මෑත දශකවල පගානි, මසරාටි වැනි ආයතනත් මේ අංශයේ නිතර කතාබහට ලක්වෙනවා




9. හිට්ලර්ට පෙරමඟ පෙන්වූ මුසෝලිනීගේ පාලනය


            ඉතාලි ඉතිහාසය තුළ විශාල කලු පැල්ලමක් වූවේ 1925 සිට 1943 දක්වා තිබුණු බෙනිතෝ මුසෝලිනීගේ ඒකාධිපති පාලනයයි. ෆැසිස්ට් වාදයේ නිර්මාතෘ වූ ඔහු 1922 සිට 1925 දක්වා රටේ ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා විදියට පාලනය ගෙන ගියත් 1925 සිට සමස්ථ ඒකාධිපති පාලන ක්‍රමයක් ආරම්භ කලා. ඇඩොල්ෆ් හිට්ලර් නාසිවාදය බිහිකරන්නත් මූලික කර ගත්තේ මේ මුසෝලිනීගේ පාලනයයි.


10. ලොව වැඩිම යුනෙස්කෝ ලෝක උරුම ප්‍රමාණයක්


            ලොව වැඩිම යුනෙස්කෝ ලෝක උරුම ප්‍රමාණයක් හිමිවන්නේ ඉතාලියටයි. අතීත රෝම අධිරාජ්‍යයේ නටබුන් රැසක් පැවතීම නිසා සාපේක්ෂව කුඩා රටක් උණත් ඉතාලිය තුළ ලෝක උරුම 55ක් නම් කරලා තියෙනවා. මෙයට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ ලෝක උරුම ඇත්තේ 8ක් පමණයි. 2019 චීනයේ චියෑන්සෝ කුරුළු පාරාදීසය ලෝක උරුමයක් ලෙස නම් කිරීමත් සමඟ චීනයත් ඉතාලිය සමඟ ලෝක උරුම ප්‍රමාණය අතින් සම තැනට පත් වුණා.



11. සිව්වරක් FIFA පාපන්දු ලෝක කුසලානයේ හිමිකරුවන්


            ඉතාලියේ ජනප්‍රියම ක්‍රීඩාව වන්නේ පාපන්දු ක්‍රීඩාවයි. ඉතාලි කණ්ඩායම ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීම්වලත් මුල් ස්ථාන අතර සිටින රටක් 1934, 1938, 1982 සහ 2006 කියන අවුරුදු වලදී ඔවුන් FIFA ලෝක කුසලාන පවා දිනා ගත්තා. දේශීය මට්ටමේ තිබුණු පාපන්දු ක්‍රීඩාව ජාත්‍යයන්තර මට්ටමට ගෙනයන්නට ඉඩකඩ සැලැස්වූ මුසෝලිනී පාලනය තුළ පිට පිට දෙවරක්ම ඉතාලිය ලෝක කුසලානය දිනා ගන්නත් සමත් වුණා


12. ලොව වෙනස් කළ පුද්ගලයින් රැසකගේ මව් රට


            ලොව බිහි වූ දක්ෂතම ගණිතඥයෙක්, සිත්තරෙක් හා විද්‍යාඥයෙකු වූ ලියනාඩෝ ඩාවින්චි, ඇමරිකාව සොයාගත් ක්‍රිස්ටෝපර් කොලොම්බස්, දේශාටක මාර්කෝ පෝලෝ, සුප්‍රසිද්ධ කලාකරු මයිකල් ආන්ජලෝ පමණක් නොවේ, නූතන විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝ ගැලිලිත්, බැටරිය සොයාගත් ලුයිගි ගැල්වානිත්, රේඩියෝව සොයාගත් ගුග්ලි එල්මෝ මාර්කෝනි, න්‍යෂ්ටික විද්‍යාවේ පියා එන්රිකෝ ෆර්මි සහ පෙරපාසල් වල නිර්මාතෘ මාරියා මොන්ටිසෝරි ආදී ලොව වෙනස් කළ බොහෝ දෙනෙක් ඉතාලි ජාතිකයන්




Post a Comment

0 Comments